More

    Modernized Unicorns to be sent to Mali

    Newly modernized 9 Unicorn/Unibuffel vehicles, a recovery vehicle and 3 containers consisting of imported spare parts which are schedule to be sent to Combat Convoy Company (CCC) in Mali for Sri Lankan troops serving in the United Nations Peacekeeping Mission were closely inspected by Lieutenant General Shavendra Silva, Chief of Defence Staff, Commander of the Sri Lanka Army on Friday (26). These unicorns and unibuffels were modernized and elevated to the United Nations Standards to be shortly dispatched to Mali by sea.

    ශ්‍රී ලංකා යුද හමුදාව නිෂ්පාදනය කළ වායු සමීකරණය කරන ලද යුනි බෆල් රථ මාලි රාජ්‍යයේ වෙසෙන සාමසාධක භට පිරිස් වෙත නැව්ගත කිරීම සදහා පිටත්කර හැරීම අද (26) සිදුකෙරුණා.

    ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

    ජගත් සංවිධානයේ ගිවිසුම්වලට අනුව සාමසාධක භට පිරිස් වෙත ඔවුන් ප්‍රවාහනය කිරීම සදහා වන රථ ලබාදිය යුත්තේ ද අදාළ රට විසින්මයි. ඒ අනුව මීට පෙර ශ්‍රී ලංකා හමුදා භාවිත කළේ විදෙස් රටවල සිට ආනයනය කරන යුනි බෆල් රථයි. එහෙත් ඒවා ආනයනය කිරීමට වැයවන අධික මුදල රටට ඉතිරි කරමින් ශ්‍රී ලංකා යුද්ද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය මෙම රථ මෙරටදීම නිෂ්පාදනය කළා.

    අද පෙරවරුවේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම රථ නිරීක්ෂණය කළා. යුනි බෆල් රථ නවයක්, ප්‍රතිසාධන රථයක් හා නැව්ගත කිරීමට බහාලුම් තුනක් මෙලෙස පිටත්කර හැරීමට නියමිතයි.

    ඒවා බෙන්ලයින් ෂිපින් ඒජන්සි පෞද්ගලික සමාගමේ කළමනාකරු රාහිලීන් බූරම් මහතා වෙත යුද හමුදාපතිවරයා සංඛේතාත්මකව භාරදුන්නා.

    Leave a Reply